සැකකටයුතු චීන ජාතිකයින් 03ක් ගාල්ලේදී කොටුවෙයි..ලංකාවේ ඉදන් කරන්න හදපු දේ මෙන්න.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Galle
By Aruna Oct 25, 2024 02:35 AM GMT
Aruna

Aruna

Report

ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී ගාල්ල පොලිස් සථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 33 හා 38 වයස්වල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය පවසන්නේ.

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ සහ ප්‍රේම සබඳතා වැඩි වන දිනයක්..මේ ලග්න වල අය දෙකම උත්සාහ කරල බලන්න..

අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ සහ ප්‍රේම සබඳතා වැඩි වන දිනයක්..මේ ලග්න වල අය දෙකම උත්සාහ කරල බලන්න..


සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන ඇත.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.