විදේශ ඇමති චීනයේ විශේෂ පුද්ගලයෙක් හමුවෙයි..චීනය සමග කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..
By Sithumi
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද පැවැත්විණ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ උද්ගතවෙමින් පවතින තත්ත්වය පිළිබඳ චීන තානාපති කාර්යාලය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පැවැසූ අතර හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සහාය ලබා දෙන බව චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා සහතික විය
.
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිතායතනය සහල් ටොන් 5000 ක්, ඖෂධ,නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනිකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව චීන යුවාන් මිලියන 200 හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ බවත් තවද චීනයේ යුනාන් පළාත ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 1.5 ක් වටිනා ආහාර පැකේජයක් පරිත්‍යාග කරන බව චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා පැවසුවේය