දිට්වා හින්දා උඩ ගිය මිරිස් මිල
පසුගිය දින කිහිපය තුළ දිට්වා සුළි කුණාටුවෙන් පහතරට එළවළු වගාවලට සිදුවූ බරපතල හානිය නිසා මිරිස් වර්ගවල මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථානවලින් වාර්තා වේ.
දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති යූ.පී. ඒකනායක මහතා පැවසුවේ, අමු මිරිස් සහ කරපිංචා කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක් දක්වා ඉහළ මිලකට අලෙවි වූ බවයි.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදී කරපිංචා කිලෝග්‍රෑමයක් රුපියල් 1,000ක් ද, බෙල් මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක් දක්වා අලෙවි වූ බව වාර්තා වේ.
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේදී අමු මිරිස් සහ කරපිංචා කිලෝග්‍රෑමයක් රුපියල් 1,000 සිට 1,200 දක්වා මිල ගණන්වල අලෙවි විය.
දඹුල්ල තොග වෙළඳපොළට සාමාන්‍යයෙන් දිනකට මිරිස් කිලෝග්‍රෑම් 8-10ක් පමණ ලැබෙන නමුත්, ඊයේ (19) දින එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 3-4 දක්වා අඩු වී ඇති බවත්, පහතරට ප්‍රදේශවලින් එළවළු සැපයුම ඉතා අඩු මට්ටමක පැවති බවත් ඒකනායක මහතා සඳහන් කළේය.