දින 23කට පස්සේ බදුල්ලෙන් ආයෙමත් ගමන් ඇරඹූ 'උඩරට මැණික'
By Kanchana
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ අරඹනු ලැබීය.
ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹා තිබේ .
මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි විය.
ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ 'දිට්වා' ආපදා තත්වය මතු වූ වෙන් දින 23කට පසුවයි.
තවද අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.