කඩවසම් ජනප්‍රිය ගායක චිලී තිලංක අවුරුදු 14 ක ආදර කතාව තවත් ආදරනීය කරමින් පිය පදවියට සූදානම් වෙයි - රසික රසිකාවියන්ට ඔහු තැබූ පණිවිඩය (PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Jun 08, 2022 06:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් ගායන ශිල්පියෙක් තමයි චිලී තිලංක ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඔහු ගායන කල ගීත අතර හීන තටාකෙක, ඔබගෙන් තරම්, ලා රෝස, ටියුලිප් මල් කැකුලි වැනි ගීත මෙරට අදටත් ජනප්‍රියයි. ඉතින් ඒ වගේම අවුරුදු 14ක අදර කතාව නිමා කරමින් මීට මාස දෙකකට ඉහතදී ඔහු කොලඹ තරු හෝටලයකදී ඔහුගේ විවාහය අති උත්කර්ෂවත් අයුරින් පවත්වලා තිබුණා.

ඉතින් මේ ජනප්‍රිය ගායක චිලීගේ අතගත් සුන්දර යුවතිය තමයි රියිනි ඉමාෂා කියලා කියන්නේ. ඒ වගේම ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඉතාලියේ ජීවත් වුනු ඇය චිලී නිසා තමයි අපේ රටට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ ආදරණීය කැදැල්ලෙන් අහන්නට ලැබුණු සතුටු දායක පුවතක් ගැනයි අපි මේ කියන්නට යන්නේ. ඉතින් ඒ මේ ආදරණීය යුවල උතුම් මව් පිය පදවියට සුදානම් වන පුවත. ඉතින් චිලී පහුගිය දවසක ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ඡායාරූපයක් සමඟින් සටහනක් එක් කරමින් පවසලා තිබුනේ එකයි + එකයි = තුනයි කියලයි.

ඉතින් ඒ වගේම චිලීට ඇයව මුණ ගැහිලා තියෙන්නේ ඔහු ක්ෂේත්‍රයට ආවට පස්සේ. ඒ වගේම චිලීගේ පළමු ගීතයේ ඉදන්ම ඇය ඔහුගේ හොඳම රසිකාවියක් කියලත් චිලී කියනවා. ඉතින් ඇය චිලීගේ පෙනුමට කැමති වෙලා ඔහුත් එක්ක චැට් කරාලු. නමුත් මුලින්ම ඔවුන් දෙන්නගේ යාළු කමක් විතරලු තිබුනේ. ඉතින් ඇය ලංකාවට ආවම ඔවුන් දෙන්නා හොඳින් අඳුර ගත්තාලු. ඉතින් මුලින්ම කෑමකට ගිහින් කතා කරලා තමයිලු ඔවුන් ආදරය කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ වගේම ආදරයයි විවාහයයි කියන්නේ දෙකක් කියලත් ඔහු පවසනවා. විවාහය කියන්නේ ඔවුන් දෙන්නට නීතිමය බැඳීමක් විතරයිලු. ඉතින් ඒ නිසා දෙන්නම විවාහය ගැන ලොකුවට තැකීමක් කලේ නැහැ කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ වගේම ඔවුන් ඉක්මනින්ම විවාහ වුනෙත් දරුවෙක් හදන්න ඕන නිසා කියලයි ඔහු පවසන්නේ.

ඉතින් ඒ වගේම ගායකයෙක් වුනාම හැමදාම සින්දු කිය කියා ඉන්න ඕනේ කියලා දෙයක් ඔහුගේ නැහැලු. ඉතින් ඔහු මෙතෙක් ගායන කරපු ගීත වලට කැමති ප්‍රේක්ෂක පිරිස ඔහුට හැමදාමත් ආදරේ කරයි කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ නිසාම ඔහුගේ ප්‍රේක්ෂකයන් නැතිවෙයි කියලා ඔහුට කිසිම බයක් නැහැලු. ඉතින් මේ උතුම් මව් පිය පදවියට සුදානම් වෙන මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඔවුන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGallery
ReeCha