මළසිරුරටවත් නිදහසක් නැහැ - මෙහෙම දරුවොනම් කාටවත් ලැබෙන්න හොද නෑ

Galle Death Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jun 12, 2025 11:10 AM GMT
Ashfa

Ashfa

Report

දරුවන් තිදෙනා බැගින් සිටින මවක සහ පියකු මියයාමෙන් පසුව ඔවුන්ගේ දේහයන් භාර ගැනීමට එම දරුවන් නොපැමිණීම නිසා දින හතළිස් පහක් තිස්සේ මළ සිරුරු දෙක හෝමාගම මූලික රෝහලේ මෘත ශරාගාරයේ තැන්පත් කර ඇතැයි හෝමාගම මූලික රෝහල පවසයි.

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි

එම දේහයන් බාරගන්නා ලෙස අවස්ථා කිහිපයකදී භාරකරුවන්ට දන්වා සිටිය ද ඉන් කිසිවකු නොපැමිණීම නිසා මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නොහැකිව රෝහල් බලධාරීන්ගේ දෛනික කටයුතු පවා සිදු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව ඇති බව ද පැවසේ. මෙම මළ සිරුරු දෙකෙන් එකක් පිරිමි මළ සිරුරක් වන අතර එය ගාල්ල ප්‍රදේශයේ අයකුගේ බවත් අනෙක කාන්තා මළ සිරුරක් වන අතර එය තලංගම ප්‍රදේශයේ පදිංචිකාරියකගේ බවත් පැවසේ. වයස අවුරුදු 85 ක් පමණ වන කාන්තාව ඉකුත් අප්‍රේල් 28 දා පපුවේ අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත්ව මැයි මස 20 දා මියගොස් ඇති අතර එම කාන්තාව තලංගම අකුරේගොඩ පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවත් ඇම්. පෙරේරා නමැත්තකු විසින් බාරකරු ලෙස ඇය රෝහලට භාර දී ඇති බවත් පැවසේ.

එහෙත් මියයාමෙන් පසුව කිසිවකු නොපැමිණීම නිසා දේහ නිදහස් කිරීමට බාධා එල්ල වී තිබේ. පසුව අදාළ ලිපිනයට පොලිස් නිවේදනයක් යොමු කළද එහිදී අනාවරණය වී ඇත්තේ බාරකරු සහ තොරතුරු ව්‍යාජ ඒවා බවටයි.

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

මියගිය කාන්තාවගේ ව්‍යාපාරික පුතාගෙන් දික්කසාද වූ ලේලියක පැමිණ පවසා ඇත්තේ ඇයට ව්‍යාපාරික ධනවත් දරුවන් තිදෙනකු සිටින බවත් ඔවුන් කිසිවකු දේහය භාර ගැනීමට නොපැමිණෙන බවත්ය.

මේ අතර අනෙක් පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුට වයස අවුරුදු 75 ක් පමණ වේ. හෝමාගම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අප්‍රියේල් 29 දා රෝහල් ගතකර ඇති අතර පසුදා 30 දා මොහු මියගොස් ඇත. එහෙත් භාරකරුගේ තොරතුරු ව්‍යාජ වීම නිසා මෙම පුද්ගල මළ සිරුර ද නිදහස් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. මෙම කාන්තාවට සහ පුද්ගලයාට ධනවත් ව්‍යාපාරික දරුවන් තිදෙනා බැගින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි.මෙම මළසිරුරු දෙක නිසා මෘත ශරීරාගාරයේ දෛනිකව පැමිණෙන මළ සිරුරු තැන්පත් කිරීමට ඇති පහසුකම්වලටද බාධා එල්ල වී ඇති බැවින් කිසියම් භාරකරුවකු වෙතොත් 0112 855200 හෝමාගම රෝහල් පොලිසිය අමතා තොරතුරක් ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ReeCha