මෙරට දරුවන් ගැන ඇහෙන සංවේදී මෙන්ම භයානක පුවතක්..

Sri Lanka
By krishani Sep 14, 2023 06:01 PM GMT
krishani

krishani

Report

දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු මෙම වසර තුළ හඳුනාගෙන තිබෙනවා.

ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ ය.

එමෙන්ම ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමීව එම කාර්යංශය සිදු කළ සමීක්ෂණයකට අනුව ඉන් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ය.

වයසට නියමිත බර නොමැති නම් එවැනි දරුවන් අඩු බර සහිත දරුවන් ලෙස හැඳින්වෙයි.

මේ වසරේ අඩු බර සහිත දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

පෙර වසරේ 15.3%ක් ව පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 17%ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. 

එසේම ගර්භිණී මව්වරුන්ගේ මන්දපෝෂණය සැලකීමේ දී පෙර වසරට සාපේක්ෂ ව බර අඩු මව්වරුන්ගේ වැඩි වීමක් දක්නට ලැබේ.

ගර්භිණී මව්වරුන් අතර රක්ත හීනතාව හෙවත් ඇනීමියා තත්ත්වයේ ද ඉහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමීක්ෂණයට අනුව පෙර වසරේ 14.5%ක මට්ටමක පැවති අඩු බර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ‍

එමෙන්ම දරුවන් අතර පවතින මිටි බව ද පෙරට වඩා මේ වසරේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල පාහේ ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. 


මෙරට දරුවන් අතර පැතිරී යන විශේෂ රෝගයක්?. - විශේෂඥ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්..

මෙරට දරුවන් අතර පැතිරී යන විශේෂ රෝගයක්?. - විශේෂඥ වෛද්‍යවරියකගෙන් හෙළිදරව්වක්..


ReeCha