මාස 7යි, ව්‍යාපෘති 57යි, ආයෝජන ඩොලර් මිලියන 569

Report

මේ වසරේ ගතවූ කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති බව කර්මාන්ත සහ ව්‍යසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

එම ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 569ක් වන අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 507ක අයෝජන මේ වන විටත් මෙරටට පැමිණ ඇති බවයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ.

චතුරංග අබේසිංහ මහතා පවසන්නේ එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 101ක වර්ධනයක් බවයි.

රෝහිතගේ වාහනේ ගැන හොයද්දී ර‍ෝහිත ලෙඩ වෙලා.. - කතා කරගන්නවත් බෑලු

රෝහිතගේ වාහනේ ගැන හොයද්දී ර‍ෝහිත ලෙඩ වෙලා.. - කතා කරගන්නවත් බෑලු

මේ අතර ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි මාසයේ උද්ධමනය සුළු වශයෙන් පහළ ගොස් ඇති බවයි.

මැයි මාසයේ සියයට 0.6ක් වූ උද්ධමනය ජුනි මාසයේ සියයට 0. 3 දක්වා අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මැයි මාසයේ සියයට 5.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ දී සියයට 4.2 දක්වා අඩු වී තිබෙනවා.

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරනු ලබන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ රජය පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.