මළමිනියටවත් සැනසීමක් දෙන්නැති ඇල්පිටිය රෝහලේ පැටිකිරිය එළියට
ඇල්පිටිය මූලික රෝහණය මෘත ශරීරාගාරයේ මළ සිරු තැන්පත් කරන ශීතකරණය මේ වන විට මාස හයකට අධික කාලයක් තිස්සේ ක්රියා විරහිත වී ඇත. ඇය නැවත වතාවක් අලුත් වැඩියා කිරීමට රජය අවධානය යොමු නොකිරීම නිසා ප්රදේශවාසීන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇති බවට වාර්තා වේ.
මේ හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලේ දී මිය යන රෝගීන්ගේ මළ සිරුරු බලපිටිය මූලික රෝහලට හෝ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට සිදු වන බවත් පැවසෙයි.
මේ සඳහා අමතර මුදලක් වැය වේ. එම නිසා මේ සඳහා වැයවන මුදල් ජනතාවට දරාගත නොහැකි තරම් බව ප්රදේශවාසීන් මැසිවිලි නගයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත පෙරේරා මහතා පැවසූවේ මෙවන් ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරන බවයි.