මාව කනිෂ්ඨ සේවකයන් යටතේ වැඩට දාලා,එක පිට මාරුවීම් දුන්නා ඩී.අයි.ජී ගෙන් පෙත්සමක්

Report

යාපනය ප්‍රදේශයේ වැඩ බලන පොලිස්පති ගයන්ත මාරපන මහතා තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

ඒ අනුව නීතියට පටහැනි ආකාරයට අත්තනෝමතික ලෙස තමන් මාස හයක කාලයක් තුළ පොලිස්ථාන තුනකට මාරු කර යැවීමෙන් සහ තමන්ට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ සේවයේ කිරීමට සැලැස්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් යාපනය ප්‍රදේශයේ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) තීරණය කළේය.

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරණ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණ.

එහිදී වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කර ඇති ඔහු සඳහන් කළේ,2019 ජුනි 21 වැනිදා සිට 2020 ජනවාරි මාසය දක්වා කාලය තුළ තමන් පොලිස්ථාන තුනකට මාරු කරන ලදැයිද එය පොලිස් චක්‍රලේඛණයට පටහැනි බවද සඳහන් කරන පෙත්සම්කරු එක් අවස්ථාවකදී තමන්ට වඩා පහළ නිලධාරීන් යටතේ සේවය කිරීමට තමාට සිදුවූ බවද ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවි ඇති බවද සඳහන් කර ඇත.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන්නැයිද අදාළ ස්ථාන මාරු අවලංගු කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු තමන්ට සුදුසු වන්දියක් ගෙවීමට නියම කරන්නැයිද ඉල්ලා සිටී.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි