15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු, කළමනාකරු අත්අඩංගුවට

Police sri lanka Covid 19 Sri lanka child harresment
By Sithumi Jul 03, 2021 05:39 PM GMT
Report

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කලමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබහ.

මෙම අසභ්‍ය වෙබ් අඩවියේ හිමිකරු පානදුර ප්‍රදේශයෙන් ද එහි මූල්‍ය කලමනාකරු බණ්ඩාරගම ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් බෝහරකා අංශයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .