මල් කැකුළක් ජීවිතක්ෂයට...මොන වැරැද්දක් කරාටද? රථයෙන් එළියට විසි වෙලා බසයටත් යටවෙලා

Sri Lanka Accident Death Kids Sinhala news
By Kaushi May 30, 2025 03:54 PM GMT
Kaushi

Kaushi

Report

වයස අවුරුදු තුනක පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අනතුර සිදුව ඇත්තේ පානදුර, රුක්ගහ දෙස සිට ගමන් කළ ත්‍රිරෝද රථයකින් එළියට වීසි වී ඉන්පසු බස් රථයකට යට වීමෙන්.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා.

අඳාළ බස් රථය පානදුර කුරුස හන්දියේ සිට පානදුර රුක්ගහ දෙසට ගමන් කළ බස් රථයක් බව ද සඳහන්.

ඔවුන් අද (30) දින දහවල් 1.30ට පමණ මාලමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට ගමන් කර තිබෙනවා.

ඒ මියගිය දරුවාගේ පුංචි අම්මාගේ දියණියගේ කණට කරාබු දැමීම වෙනුවෙන්.

එසේම අඳාළ ත්‍රිරෝද රථයේ මියගිය දරුවා සමඟින් ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු 10 තවත් දරුවෙකු ගමන් කර ඇති බව පවසයි.

අඳාළ බස් රථය පානදුර - රුක්ගහ ප්‍රදේශයේ දී මගීන්ට බැස යෑමට නවත්වා තිබෙනවා.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?

එම අවස්ථාවේ දී බසයට පිටුපසින් පැමිණි ලොරි රථයක් බස්රථය ඉස්සර කිරීමට උත්සාහ ගෙන ඇත.

ඒත් සමඟ බස්රථයට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය තිරිංග තද කිරීමත් සමඟ ත්‍රිරෝද රථයේ සිටි දරුවා ඉන් විසි වී ගොස් බස් රථයට යට වී ඇති බව පවසයි.

එහෙත් මේ බව බස් රථයේ රියදුරු දැක නැති හෙයින් ඔහු බසය ඉදිරියට ධාවනය කර තිබෙනවා.

මෙම බිහිසුණු අනතුරෙන් මියගොස් ඇත්තේ නෙතූස තත්සර ප්‍රනාන්දු යන පානදුර අරුක්ගොඩ, ෆොන්සේකා මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා දරුවා බව සඳහන්.

සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු වෙයි?

සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු වෙයි?

ReeCha