මිලට වුණ දෙය.. බිත්තරයකයි කුකුළු මස් කිලෝවකයි දැන් මිල මෙන්න..
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ රටේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.
ඒ හේතුවෙන් සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට බිත්තර සහ කුකුළු මස් මිල දී ගැනීමට අවස්ථාව සැලසි ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව මේ වන විට සිල්ලර වෙළඳපොලෙහි බිත්තරයක් රු.28 ත් රු.25 ත් අතර මිලක් සදහන් වේ.
එමෙන්ම, සම සහිත ශීතකළ කුකුළු මස් කිලෝවක් රු.900ත්, සම රහිත ශීත කල කුකුළු මස් කිලෝවක් රු.1000ක මිලකටත් ලබා ගත හැකිය.
You May Like This Video👇