කුකුළු මස් සහ බිත්තර මිලට කුමක් වෙයි ද?. (PHOTOS)

Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 14, 2023 01:41 PM GMT
krishani

krishani

Report

ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එසේම ලබන වසරේ සිට බිත්තර ආනයනය සඳහා ද අවශ්‍යතාවක් මතු නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක් වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ ද පැවසීය,

"කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපේ රටේ ස්වයං පෝෂිත මට්ටමක පැවතියත්, කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය නිසා සත්ව ආහාර නිෂ්පාදනය පහළ වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය පහළ ගියා.

රටට අවශ්‍ය කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය 100%ක්ම සිදු වන්නේ පුද්ගලික අංශයෙන්.මේ වන විට සියලු ගොවිපොළවල කුකුළු පැටව් ප්‍රමාණය 3,420,000ක් ඉක්මවා තිබෙනවා.

බොහෝ විට එම සතුන් ලබන දෙසැම්බර් මාසය වන විට බිත්තර දැමීම සිදු කරනවා. ඒ නිසා ලබන දෙසැම්බර් මාසයෙන් පසුව මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බව එම කර්මාන්තකරුවන් ප්‍රකාශ කරනවා.

කුකුළු කර්මාන්තයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයට ද මෙම කර්මාන්තකරුවන්ට අපි අවස්ථාව ලබා දුන්නා.

එහි වාසියක් අපේ පාරිභෝගිකයන්ට ඉදිරියේ දී ලැබෙනවා.මධ්‍යකාලීන පශු සම්පත් සංවර්ධන වැඩ සටහනට අනුව මෙම ව්‍යාපෘතිය උතුරු පළාත තුළ පශු සම්පත් සේවාවන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක කෙරුණා.

ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 37ක්. කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, දිනක් වයසැති ගම් කුකුළු පැටව් නිෂ්පාදනය, ගම්බද ප්‍රදේශවල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම හා පෝෂණය ඉහළ නැංවීම සිදු කෙරෙනවා.

ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 48 ක් වනවා.කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයට පෙර මෙරට වාර්ෂික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 230,000ක්, ඒ අනුව ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වර්ෂයකට කිලෝ ග්‍රෑම් 11 ක්.

එහෙත් පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හා කොවිඩ් බලපෑම හේතුවෙන් දේශීය කුකුළු මස් නිෂ්පාදනය 30% කින් පහත වැටුණා.

නමුත් මේ වන විට බ්‍රොයිලර් කුකුළු පැටවු විශාල වශයෙන් ගොවිපළ වලට එකතු වීම නිසා මෙම වසර අවසන් වන විට මෙරට කුකුළු මස් නිෂ්පාදනය අර්බුදයට පෙර පැවති ප්‍රමාණයට ගෙන ඒමට හැකි බව එම කර්මාන්තකරුවන් පවසනවා.

මේ නිසා මෙම වසර අවසන් වන විට කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් පහළ යනු ඇතැයි විශ්වාස කරනවා. " යනුවෙන් ය.

GalleryGallery
ReeCha