මගේ එපාර්ට්මන්ට් එකේ හංගගෙන ඉඳලා දැන් මට හෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ..පියුමි හංසමාලි කිව්ව අලුත්ම කතාව

Report

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ හැම මොහොතකම මොකක් හරි සිද්ධියක් නිසා කතාබහට ලක්වෙන චරිතයක්නේ. ඇගේ රූපයෙන් පටන් අරන් පියුමි ගාන ක්‍රීම් එක වෙනකල්ම මේ වෙනකොට හරි ප්‍රසිද්ධයි.

ඒකටත් එක්ක ළඟකදි ඉඳන් පියුමිගේ නම පාතාලේ එක්කත් කියවෙන්න අරන්.

හැබැයි ඉතින් කවුරු මොන කතා කිව්වත් පියුමි ඉන්නේ එයාගේ ආතල් එකේ.

නැව ගිලුනත් බෑන් චූන් වගේ ඇයට මඩ ගහන කතා කියන අයටත් ඇය දෙන රිටන් නිසාම ඇය වටා එකතු වුණ ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා කිව්වහම ඉතින් තව කවර කතාද? කොහොම වුණත් ඔන්න මේ දවස්වල පියුමිගේ නම ගෑවුණ ඒවටත් ප්‍රතිචාර විදිහට ඇය නම් කියන්නේ තවමත් ඇය තමන්ගේ ඉලක්ක, අරමුණු වෙනුවෙන් කටයුතු කරනවා කියලා.

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?

ඒ විතරක් නෙවෙයි ඇයට ඔන්න ආයෙත් රංගනයට එන්නත් අදහසක් තියනවාලු.

ඒ වගේ අවස්ථා කීපයක්ම කලින් ඇය මගහැරගත්තත් ඔන්න ඉස්සරහට නම් රසිකයින්ට පියුමිව නිර්මාණවලිනුත් දැකගන්න ලැබේවි කියලා ඉඟියක් ඇය දෙනවා.

" මට තියෙන්නේ හෙන කෝටිපති අයිඩියාස්. ඉතින් මට රඟපාලා මගේ ඩ්‍රීම්ස්වලට යන්න බෑ. හැබැයි ඉදිරියේදී එක ෆිල්ම් එකක් එක ඩ්‍රාමා එකක් වගේ කරන්න අයිඩිය එකක් තියෙනවා. ඉන්දියාවෙනුත් මට ආරාධනා දෙක තුනක්ම ලැබිලා තියෙනවා. කලිනුත් මට ආරාධනා ලැබුණා. නමුත් කළින් හිටිය මහත්තයා කැමති නැති නිසා ඒවා රිජෙක්ට් කරන්න වුණා. බලමු ඉස්සරහට මම හිතනවා ලංකාවේ හරි ඉන්දියාවේ හරි කොහෙ හරි එකක් කරයි කියලා."

ඒ විතරක් නෙවෙයි පියුමි කියන්නේ කවදත් සත්තුන්ට ආදාරේ කරපු කෙනෙක්නේ. හැබැයි ඒ කරන වැඩ නිසාම ඇය විවිධ ප්‍රශ්නවලට මුහුණ දී සිටින බවත් ඇය කිව්වේ මෙහෙම, "මම මගේ එපාර්ට්මන්ට් එකේ හංගගෙන ඉඳලා දැන් මට හෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් ඩෝග්ස්ලා අයින් කරන්න කියලා. දැන් නම් එයාලව අයින් කරලා තියෙන්නේ. මම ඒවා කරන්නේ සෝෂල් මීඩියා දාන්න බලන් නෙවෙයි." යනුවෙන්.   

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

හෝටල් සේවිකාවෝ දෙන්නා හප්පපු සුපිරි නිළිය වන්දි දෙන්න කැමතියිලු

හෝටල් සේවිකාවෝ දෙන්නා හප්පපු සුපිරි නිළිය වන්දි දෙන්න කැමතියිලු