ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන නඩුවක් නීතිපතිට

Report

කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වසර 2013 දී පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිශ්ඨාපනය කිරීමේදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කරන මෙන් ඊයේ (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

එසේම මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ සිද්ධියට අදාළ නඩුව එළඹෙන අප්‍රේල් මස 22 දින නැවත කැඳවන ලෙසයි.

මේ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇත්ද යන්න මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට නීතිපති උපදෙස් ප්‍රකාරව බැංකු වාර්තා කැදවීමට මාස දෙකක කාලයක් ලබා දෙන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

එහිදී මහෙස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දුන් පසුව විමර්ශන සඳහා වසර හයක් ඉක්ම ගොස් ඇති බව පැවසුවා. එනිසා මාස දෙකක කාලයක් ප්‍රමාණවත් බව පවසන කාරණය පිළිගත නොහැකි බව කියා ඇත.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ වැඩිදුර වාර්තා සඳහා දින ලබා දුන්නද විමර්ශන අවසන් කළ වහාම මෝසමක් ගොනු කර අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

මේ අතර සැකකරුවන් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට පනවා ඇති ගුවන් ගමන් තහනම ඉදිරි දින දක්වා ඉවත් කරන මෙන් නීතිඥවරයා කළ ඉල්ලීමකට ද අවසර ලැබී ඇත.

එසේම 2013 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිශ්ඨාපනය කිරීමේදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් නඩුව ගොනු කර ඇති බව වාර්තා වුණා.

ඩොලරය වේගයෙන් ඉහළට රුපියල පහතට -අද අගය මෙන්න

ඩොලරය වේගයෙන් ඉහළට රුපියල පහතට -අද අගය මෙන්න

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ