දින 2ක් බ්‍රසීලයේ කරපු මෙහෙයුම්වලින් 132ක් ජීවිතක්ෂයට
By Kaushi
බ්‍රසීලයේ මත්ද්‍රව්‍ය කල්ලිවලට විරුද්ධව එරට බලධාරින් සිදුකළ මෙහෙයුම්වලින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිටත් රියෝ ද ජැනයිරෝ නගරයේ වීදිවල තබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව පසුගිය දින දෙකේ සිදුකළ මෙම පොලිස් වැටලීම්වලදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 132 දක්වා වැඩි වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් අඳාළ වැටලීම හමුවේ දශක ගණනාවක් පුරාවට එරට ප්‍රදේශ ගණනාවක් පාලනය කරන මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමට හැකිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.