පන්දුවාර 20 ක්‍රිකට් උපනායකත්වය දසුන් ශානකට?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නාමයෝජනා කැඳවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
උපුල් තරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට වසර දෙකක් සම්පූර්ණ වීම හේතුවෙන් වත්මන් තේරීම් කමිටුවක් පත් කර ගැනීම සඳහා මෙලෙස නොවැම්බර් පස් වැනිදාට පෙර නාමයෝජනා කැඳවීමට පියවර ගෙන ඇත.