"..මම හිටියානම් කීයටවත් මේ දේ වෙන්න දෙන්නෙ නෑ.." කදුළින්ම අවසන් වු සරසවි පෙම ගැන එළියට ආ සංවේදී කතාව...

Sri Lanka Police Investigation Crime Murder Latest Headlines
By Sewvandhi Feb 02, 2025 08:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රත්නපුර ඇලපාත ප්‍රදේශය අවාසනාවන්ත ලෙස වාර්තාවූ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ වයස අවුරුදු 29ක් වූ චන්දිමා හර්ෂණී ගුණරත්න මෙනවිය ඇයගේ හිටපු පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කළ සිදුවීමට අදාළ වැඩිදුර විස්තර මේවනවිට වාර්තාවී තිබෙනවා.

2025 ජනවාරි 29 වැනි දින උදෑසන හය හමාරත් හතත් අතර කාලයේදී දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත. රත්නපුර නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක නිලධාරිනියක ලෙස සේවය කළ චන්දිමා, සිදුවීම වූ දිනයේ උදෑසන සිය මව සමඟ ආහාර පිසීමේ කටයුතුවල නිරත වී සිට ඇත.

පොලිස් පරීක්ෂණවලට අනුව, මව මුළුතැන්ගෙයින් තාවකාලිකව ඉවත් වූ මොහොතේ සැකකරු හොර රහසේ නිවසට ඇතුළු වී ඇත. ලූනු කැපීමේ නිරත වී සිටි චන්දිමාට පිටුපසින් පැමිණි ඔහු, මාළු කැපීමේ පිහියකින් ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇත්තේ ප්‍රතිචාර දැක්වීමටවත් අවස්ථාවක් නොලබාය.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු සිදුවීමට පෙර දින රාත්‍රියේ දෙල්ලබඩ ප්‍රදේශයේ වසා දැමූ පාසල් ගොඩනැගිල්ලක රැඳී සිට, අලුයම නිවස දෙසට පැමිණ ඇති බවයි. මෙය පූර්ව සැලසුමක් සහිත ඝාතනයක් බවට සැක කෙරේ.සැකකරු අවස්ථා කිපයක දී මියගිය හර්ෂණීගේ නිවෙසට පැමිණ ඇත.

ඔබත් ආහාර ද්‍රවය මිලදී ගැනීමේදී දැඩිව සැලකිලිමත් වන්න..කිලෝ ලක්ෂ 15 ක් හමුවෙලා..

ඔබත් ආහාර ද්‍රවය මිලදී ගැනීමේදී දැඩිව සැලකිලිමත් වන්න..කිලෝ ලක්ෂ 15 ක් හමුවෙලා..

ඒ නිසා නිවෙසට පැමිණෙන මාර්ග ගැන ද ඔහු හොඳ අවබෝධයකින් සිටි නිසා 28 වැනිදා රාත්‍රි හෝ අලුයම් කාලයේ දී එම නිවෙස ආසන්නයට පැමිණ සැඟවී සිටින්නට ඇතැයි පොලිසිය විශ්වාප කරයි. දෙල්ලබඩ ප්‍රදේශයේ වසා දැමූ පාසල් ගොඩනැගිල්ල තුළ සැකකරු රාත්‍රිය ගතකර නිවෙස අලුයම කාලයේ දී තරුණියගේ ආසන්නයට පැමිණෙන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ ගයාන් නමැති ගුරුවරයෙකි. ඔහු රත්නපුර ආසන්න ප්‍රදේශයක උපකාරක පන්ති පැවැත්වූ බව පොලිසිය සඳහන් කරයි. ඝාතනයෙන් පසු සැකකරු මිලි ලීටර් 400ක වස බෝතලයක් පානය කර ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ඔහු කුඹුරක වැටී සිටියදී සොයාගෙන රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇත.

දැනට ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොමැති නමුත්, අධිකරණ නියෝගයකට අනුව බන්ධනාගාර නියාමකයන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටී. මියගිය තරුණියගේ පියා වන කේ. ගුණරත්න මහතා පවසන්නේ තම දියණිය සැකකරු සමඟ පැවති සම්බන්ධය අත්හැර දමා තිබූ බවයි.

” මගේ දරුවා සැකකරු සමග පැවැති සම්බන්ධය අත්හැර දමා තිබුණා. ආදර සම්බන්ධය නැවත ආරම්භ කරන ලෙස අවස්ථා කීපයක දී සැකකරු දුවගෙන් ඉල්ලා සිටියත් ඊට දුව අකැමැති වුණා. සැකකරුගේ කල් ක්‍රියාව හොඳ නැති නිසා නිවෙසට නොඑන ලෙස ද ඔහුට අපි කියා සිටියා. මෙයා ඇවිත් තිබෙන්නේ මමත් පුතාත් නිවෙසේ නැති බව දැන ගෙනයි. කොහේ හෝ සැගවිලා බලාගෙන ඉන්න ඇති. මම හිටියා නම් කීයටවත් මේ දෙය වෙන්න දෙන්නේ නැතැයි” යනුවෙන් ඔහු දුකින් පැවසීය.

විශ්වවිද්‍යාල කාලයේ ආරම්භ වූ ප්‍රේම සම්බන්ධය විවාහයකින් කෙළවර කිරීමට නොහැකි වීම සහ වින්දිතයාට වෙනත් සම්බන්ධතා ඇතැයි ඇති වූ සැකය ඝාතනයට හේතු වී ඇති බව ප්‍රාථමික පරීක්ෂණවලින් හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය රත්නපුරදී පැවැත්වීමට නියමිතව තිබිණි.

රත්නපුර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතා සහ රත්නපුර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන සමාජ ගැටලු කෙරෙහි අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අතර ගොඩනැගෙන සබඳතා, ඒවායේ කළමනාකරණය, පවුල් බලපෑම් සහ සමාජ පීඩනය වැනි සාධක පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමු විය යුතු බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ආදර සබඳතා බිඳවැටීම්වලදී මානසික ආතතිය කළමනාකරණය කිරීම සඳහා විධිමත් උපදේශන සේවා පද්ධතියක අවශ්‍යතාව මෙම සිදුවීමෙන් පෙන්නුම් කර ඇත. මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව සමාජ ක්‍රියාකාරීහු අවධාරණය කරති.(උපුටාගැනීමක්)

…………………………………………………………………

You may like this video 👇



ReeCha