ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට දැනුම්දීමක්..තරඟ කරන පක්ෂය මෙන්න.(PHOTOS)
2024 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තරඟ කරන බවට මේ වන විට සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.
චමුදිත සමරවික්‍රම නම් ෆේස්බුක් ගිණුමක් මගින් මේ බව දැනුම්දී තිබේ.
එහි සඳහන් කර ඇත්තේ, "2024 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයෙන් මා තරඟ කරන බව සතුටින් ප්‍රකාශ කරමි" යන්නයි.

කෙසේවෙතත් මෙය සත්‍යක් ද යන්න ගැන තොරතුරු දැන ගැනීමට චමුදිත සමරවික්‍රම මහතා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට ගගන ප්‍රවෘත්ති අංශයේ අප උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ වුණා.