චම්පිකගෙන් අනුරට ආරාධනාවක්..හේතුව මෙන්න..අනුර ආරාධනය පිලිගයිද..?
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ ක්‍රියාවන් සම්බන්ධයෙන් යම්කිසි චෝදනාවක්,ගැටලුවක් හෝ සැකයක් ඇති නම්, තමා සමඟ ඒ පිළිබඳ සංවාදයකට එන්නැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට ආරාධනා කර තිබෙනවා.
මෑතා කාලීන ව බොහෝ අවස්ථාවල දී ජනතා විමුක්ති පෙරමුණු පහළ මට්ටමේ සාමාජිකකයින් විසින් තමා අරභයා ඉතා අභූත චෝදනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඊට අමතර ව, ජවිපෙ ඉහළ මට්ටමේ නායක කාරකාදින් ද එවැනි චෝදනා වක්‍රාකාරයෙන් තමාට කරන බවට මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ සහ තමන් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී හඳුන්වා දුන් දුම් පරීක්ෂාව හරහා කොමිස් ලැබුණු බවට, අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම, උක්ත සාවද්‍ය චෝදනා අතර ආසන්නතම චෝදනාව ලෙස චම්පික අමාත්‍යවරයා හුවා දක්වනවා. මෙම චෝදනා සඳහා ජවිපෙ ඉහළ පෙළේ නායකයින් ද අනුබල දුන් බව යි අමාත්‍යවරයා පවසන්නේ.
මෙවැණි අනවශ්‍ය, අසත්‍ය පුවත් මැවීම හරහා ප්‍රගතිශීලී බලවේග අතර කුළල් කා ගැණීමක් සිදු වී දූෂිත, අත්තනෝමතික, පාලනයට එදිරි වීමට අවැසි ඉඩ ප්‍රස්තාවන් මැකෙනු ඇති බවයි පාඨලී චම්පිකගේ අදහස. එළඹෙන මැතිවරණය හුදෙක් තවත් එක මැතිවරණයක් නො ව, ශ්‍රී ලාංකේය ජනතාවගේ අනාගතය තීරණය වෙන ඓතිහාසික සන්ධිස්ථානයක් වන බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, ඒ සඳහා ශිෂ්ට සම්පන්න හා බුද්ධිමය සංවාදයන් විනා අවිචාරවත් චෝදනා වැදගත් නො වන බව යි සඳහන් කළේ.
පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන යනාදී ඕනෑ ම අමත්‍යාංශයක කාර්‍යභාරය සම්බන්ධ කුමන හෝ කුහුලක්, ගැටලුවක් ඇති නම්, තමා හා සුහද සංවාදයකට එන්නැ යි පාඨලී චම්පික රණවක අනුර කුමාර දිසානායකට ආරාධනා කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
