18 වත් සම්පූර්ණ නැති කොල්ලෝ පිස්සු වැටිලා ඉන්න සුරූපි නිලි චමීශා කියන කතාව.(PHOTOS) (VIDEO)

actress biography chamisha disanayake
By Sewvandhi Aug 23, 2021 04:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි චමීෂා දිසානායක කියලා කියන්නේ. හුරුබුහුටි රංගන ශිල්පිනියක් වන ඇය පළමු වෙළඳ දැන්වීමට එක් වෙද්දී ඇයට අවුරුදු 12ක් සපිරුණා පමණයි. කොහොම නමුත් එදා ඉදන් අද දක්වා ඇයගේ රුවින්, රංගනයෙන් හැඩ වූ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය 50 කට වැඩි මිසක් අඩු වෙන්න විදිහක් නැහැ.

කොහොම නමුත් වෙළඳ දැන්වීම් හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වෙද්දී කවුරුත් හදුනන රංගන ශිල්පිනියක් වෙලා හමාරයි. පහුගිය දිනවල රූපවාහිනි නාලිකාවක විකාශනය වුනු අපි අපි වගේ ටෙලිනාට්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනාගත් ඇය අපිත් එක්ක ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. මට ඉන්නේ එක අක්කි කෙනෙක් විතරයි. අක්කි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. එයා අලෙවි අංශයේ රැකියාවක් කරනවා. මගේ තාත්ති ඉන්නෙ විදෙස්ගතව. අම්මි ඉතිං අපි දෙන්නත් බලාගෙන රස්සාවත් කරගෙන ඉන්නවා.

18 වත් සම්පූර්ණ නැති කොල්ලෝ පිස්සු වැටිලා ඉන්න සුරූපි නිලි චමීශා කියන කතාව.(PHOTOS) (VIDEO) | Chamisha Disanayake Biography

ඇත්තටම මට ටෙලි නාට්‍ය කරන්න ලොකු ආසාවක් තිබුණෙත් නෑ. ඉගෙනීමේ වැඩ කටයුතුත් එක්ක වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය දෙකම කරන්න අමාරුවෙයි කියලා හිතුවා. ඒ නිසා රංගනයට ආව ආරාධනා මම වැඩිය භාර ගත්තෙ නැහැ. මට දැනෙන විදියට වෙළෙඳ දැන්වීම් කලාවයි, ටෙලි නාට්‍ය කලාවයි ගොඩක් වෙනස්. තත්පර ගාණක වෙළෙඳ දැන්වීමක් කරන්න සමහර වෙලාවට දවස් දෙක තුන එක දිගට මහන්සි වෙනවා.

ඒ වගේම කාලෙත් එක්ක ලොකු සටනක් කරන නිසා දෙබස් ඉක්මනට කියන්න ඕනෑ. රියැක්ෂන් හරි ඉක්මනට දෙන්න ඕනෑ. ටෙලි නාට්‍යවල වෙළෙඳ දැන්වීම්වලට සාපේක්ෂව ඕන තරම් වෙලා තියනවා. කිසිම හදිස්සියක් නෑ. මම මුලින්ම ටෙලිනාට්‍යයේ රඟපාන දවසේ මම කෝච්චිය වගේ දෙබස් කිව්වේ. රියැක්ෂන් වුණත් එච්චරයි. අකිල අයියා කේන්ති ගන්නෙ නැතුව හරි හොඳට වැරැද්ද නිවැරදි කළා. මාත් එක්ක රඟ පාන්න හිටියෙ ගායන් වික්‍රමතිලක, චරිත් අබේසිංහ, මුතු තරංගා වගේ ප්‍රවීණ අය වුණත් එයාලා මට හරි ආදරෙන් හොඳ සහයක් ලබා දුන්නා. එහෙම නොවුණා නම් පළවෙනි දවසෙම මම ගෙදර යනවා.

18 වත් සම්පූර්ණ නැති කොල්ලෝ පිස්සු වැටිලා ඉන්න සුරූපි නිලි චමීශා කියන කතාව.(PHOTOS) (VIDEO) | Chamisha Disanayake Biography

මම දැන්නම් පාසල් නම් යන්නෙ නෑ. මගේ පාසල දැඩි විනය නීති තියන පාසලක් නිසා මම නිර්මාණ වලට සහභාගී වෙනවාට කැමැති වුණේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පෙළෙන් පස්සේ මම ඒ පාසලෙන් අයින් වුණා. මොකද මම මේ ක්ෂේත්‍රයට කැමැති නිසා. මගේ අම්මි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිනියක්. අම්මි කිව්වා උසස් පෙළ ප්‍රයිවට් කරන්න කියලා. ලබන අවුරුද්දෙ මම උසස් පෙළ විභාගය කරනවා. මේ දවස්වල online පන්ති කරනවා. නමුත් මම රංගනයත් අත හරින්නේ නෑ. පොඩි කාලෙ ඉඳන්ම මම ආස වුණේ ICT පැත්තෙන් රැකියාවක් කරන්න. තාමත් ඒ බලාපොරොත්තුව එහෙම්මමයි.

රංගනයත් එක්ක අධ්‍යාපනය කරගෙන යන්න කාලය කළමනාකරණය කර ගන්න ඕනෑ. බුදු අම්මෝ විභාගය පාස් වුණේ නැත්නම් අම්මිගෙන් ගුටිත් කන්න වෙයි. හැමදේටම උදව් කළත් ඉගෙනීම අතපසු කළොත් අම්මි‍ගෙන් ලේසි වෙන්නෙ නෑ. ඇත්තටම මම කැමති මම කරන ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් විවාහ කර ගන්න. ඒ නිසා මම නළුවෙක් පෙම්වතෙක් කරගයි කියලා හිතන්න බෑ. මම පුංචි කාලේ ඉඳන් චිත්‍රපට, ටෙලි නාට්‍ය බලනවා. නොතේරෙන කාලේ මම හිතුවෙ එච්චර හොඳට රඟපාන්නෙ එයාලා ඇත්ත ජීවිතයෙත් පෙම්වතුන් කියලා. මම ආදර කතා කියවනවා. ඉතිං කැමරාව ඉස්සරයට ගියාම ප්‍රශ්නයක් නැතුව ආදරේ කරන්න පුළුවන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

18 වත් සම්පූර්ණ නැති කොල්ලෝ පිස්සු වැටිලා ඉන්න සුරූපි නිලි චමීශා කියන කතාව.(PHOTOS) (VIDEO) | Chamisha Disanayake Biography


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGallery
ReeCha