මේ දේ නම් ක්‍රිකට් වලට ආදරය කරන ලංකාවේ අපිට ගොඩක් දුක හිතෙන කතාවක් - බලන්නකො මොකක්ද ඉන්දියාවෙ දී වෙලා තියෙන්නේ කියලා.. (PHOTOS)
ඊයේ (09) මුම්බාහි දී ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසි කර තිබෙනවා.
එහිදී චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් මිලදී නොගෙන ඇත.
මේ වන විට ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු ව ද ඇත.
මෙවර ඉන්දිය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකාවන් වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ඉදිරිපත් කෙරිණ.
ඉන් ක්‍රීඩිකාවන් 30 දෙනෙක් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 විසින් මිලදී ගැනීමට නියමිතයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානී මහේල ජයවර්ධන ඇතුළු කණ්ඩායමේ හිමිකරුවන් ද මෙම ක්‍රීඩක වෙන්දේසියට එක්ව සිටියේ ය.
නමුත් මෙවර වෙන්දේසියේ ශ්‍රී ලංකා නායකා චමරි අතපත්තු සහ ඉනෝකා රණවීර ලියාපදිංචි වි සිටියේ ඉන්දියන් රුපියල් ලක්ෂ 30ක වටිනාකමක් හිමි මුදල් කාණ්ඩයට වේ.
නමුත් බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් විසින් මිල දී නොගැනීම පිළිබඳව පාර්ශ්ව කිහිපයක් විමතිය ද පළ කර ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්ව සිටින බව මුම්බායි ඉන්දියන්ස් කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකාරිනී චාර්ලට්ස් එඩ්වර්ඩ්ස් සඳහන් කළේ ය.
