වනිඳුයි චාමිකයි නයි මුගටියන් වුණා ද?. LPL පිටියම පුදුම කළ, බුකියම රත් කළ ඒ සිද්ධිය මෙන්න..

Report

ඊයේ (06) දිනයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග දෙකක් පැවැත්විණ.

වනිඳුයි චාමිකයි නයි මුගටියන් වුණා ද?. LPL පිටියම පුදුම කළ, බුකියම රත් කළ ඒ සිද්ධිය මෙන්න.. | Ceylon Premier League Matches 06Th July 2024

ඒ දඹුල්ලේ දී ය.

එම තරගවලින් කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් ජය ලැබීය.

ඉන් පළමු තරගය පැවැත්වුණේ කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර ය.

උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 199ක් රැස් කළේ ය.

එමෙන්ම, ලකුණු හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ හත්වැනි පන්දුවාරයේ දී මොහොමඩ් හරිස් එල්ල කල පහරක් චාමික කරුණාරත්න විශිෂ්ට ලෙස රැක ගත්තේ ය.

නමුත් තෙවැනි විනිසුරු තීරණය කළේ එය දැවී යාමක් නොවන බව ය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 20ක් අවශ්‍යව තිබූණේ ය.

එහිදි පන්දු 3කට ලකුණූ 16ක් රැස් කරමින් ඇන්ජලෝ මැතිව්ස් කැන්ඩි පිලට ජයග්‍රහණයේ බලාපොරාත්තු රැගෙන ආවේ ය.

ඒ අනුව අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් අවශ්‍යව තිබුණත් එම පන්දුවේ දී මැතිව්ස් දුවද්දී දැවීගියේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 2ක තියුණූ ජයක් හිමිකර කර දෙමින් ය.

වාහන වලට කරන්න යන, ඇස් උඩ යන අලුත්ම තීරණයක් මෙන්න - වාහනයක් ගන්න එකත් හීනයක්ම විතරක් වෙයි ද?.

වාහන වලට කරන්න යන, ඇස් උඩ යන අලුත්ම තීරණයක් මෙන්න - වාහනයක් ගන්න එකත් හීනයක්ම විතරක් වෙයි ද?.


කෙසේ වෙතත්, මෙම තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතට අත දීමේ දී කැන්ඩි නායක වනිඳු හසරංග, චාමික කරුණාරත්නට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මේ වන විට කාගෙත් කතා බහට ලක්ව තිබෙනවා.