උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Sri Lankan Schools Education Presidential Update Latest Headlines Preschool Children
By krishani Jul 07, 2024 09:49 AM GMT
krishani

krishani

Report

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

උසස් පෙළ සහ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Scholarships For Students From Grade 6 To 11

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වේ.

එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළකිරීමට නියමිතය.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු දැනගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුව Follow/Like කර තබාගන්නා ලෙස ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

මේ 10 වෙනිදායින් අවසන් - උ.පෙළ සිසුන්ට අනිවාර්ය විශේෂ දැනුම්දීමක් මෙන්න..

මේ 10 වෙනිදායින් අවසන් - උ.පෙළ සිසුන්ට අනිවාර්ය විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්,


Gallery