රාජකාරී සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කළ වෘත්තීය සමිති නායකයින්ව නිවාඩු යවයි..

Sri Lanka
By krishani Mar 29, 2023 01:29 AM GMT
krishani

krishani

Report

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ය.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත.

අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha