කොතලාවල වෛද්‍ය පීඨයේ 6 වෙනි තට්ටුවෙන් වැටුණු සේවිකාව මිය යයි.
Sri lanka
Kothalawala
By Sithumi
රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් ගොඩනැගිල්ලක 06වන මහලෙන් ඇඳවැටී එහි සේවය කරන සේවිකාවක මියගොස් ඇතැයි අද (19) සවස වාර්තා විය. ඇය ඉහළ මාලයෙන් පැන්නාද නැතිනම් ඇද වැටුණාද යන්න ගැන තවම පරීක්ෂණ සිදු කෙරේ. සැකකටයුතු ලෙස මියගිය සේවිකාව වෛද්‍ය පීඨයේ කළමනාකාර සහයකවරියක ලෙස කටයුතු කරමින් සිටි නිලුනි එරන්දි නමැත්තියක බව හඳුනාගෙන තිබේ.
31 හැවිරිදි වියේ පසුවූ ඇය පානදුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක බවද පැවසේ.
මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ගල්කිස්ස පොලීසිය ප්‍රකාශ කළේය.
ඇය සේවය කරමින් සිටි කාර්යාලය එකී ගොඩනැගිල්ලේ බිම් මාලයෙහි තිබෙන බවත් කිසියම් හේතුවකට ඇය අද (19) පෙරවරුවේ හයවන මහළට ගොස් ඇති බවත් මූලික පරික්ෂණවලින් හෙළි වී ඇත.