ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදෙන දෙයක් ගැන මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Report

මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ‘වගා ආයෝජන’ සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලමින් ඇතැම් සමාගම් විසින් සිදුකරන ප්‍රවර්ධන කටයුතු ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි ප්‍රධාන පුවත්පතක් ප්‍රකාශ කර සිටිනවා.

මේ ඇතැම් සමාගම් තම ප්‍රවර්ධන කටයුතුවලදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නාමය ද යොදා ගන්නා බවට මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි ආයතන විසින් තැන්පතු භාර ගැනීම ගැන සහ මහජනයාට වැරදි තොරතුරු සපයා ඔවුන් රැවටීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි එම පුවත් පත වාර්තා කර සිටින්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරංචි මාර්ග කියා සිටින්නේ, මෙවැනි ‘වගා ආයෝජන’ ප්‍රවර්ධනය කරන එක් සමාගමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විගණනය කරන බවට ද සඳහන් කරන බවත්, එහෙත් එය අසත්‍යයක් බවයි.