ඉදිකිරීම් ක්ෂේත්රය බරපතළ අර්බුදයක - සිමෙන්ති කොට්ටයක මිලත් අහස උසට යයි
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 175 කට වඩා වැඩි ගණනකින් ඉහළ ගොස් ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම ප්රකාශ කරයි.
ඊට සමගාමීව සෙසු සිමෙන්තිවල මිල ගණන්ද වැඩි වී ඇති බව සඳහන්.
ඒ අනුව මෙතෙක් සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1750 ක මිලකට අලෙවි වූ බවත්, මින් පසුව 1925 දක්වා වැඩිවනු ඇති බවත් එම සමාගම දන්වයි.
එසේ වුවත් සිල්ලර වෙළෙඳුන් විවිධ මිල ගණන්වලට සිමෙන්ති අලෙවි කරන බැවින් සිල්ලරට මිලදී ගැනීමේදී සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1950 ක් පමණ වනු ඇති බව ද එහි ප්රකාශකයෙක් සඳහන් කර ඇත.
දිනපතා පස්වරු 6.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි
මේ අතර මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය බරපතළ අර්බුදයකට ගොස් ඇතැයි ශ්රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩරින්ටන් පෝල් ප්රකාශ කර ඇත.
ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම වැඩපිළිවෙළක් සැකසීමට රජය පියවර ගත යුතු බවද ඔහු කියා සිටී.
එමෙන්ම පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය මෙසේ කඩා වැටී ඇති බවද ඔහු සඳහන් කරයි.