රන් වෙළඳපොළෙන් හදිසි වෙනසක් - මිල අඩුවීම් ගැන සුබ ආරංචියක්
මැදපෙරදිග පවතින යුද ආතතීන් මධ්‍යයේ, අද ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල නැවතත් තියුණු පහත වැටීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව, ජාත්‍යන්තර වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 4,371 කට අලෙවි වේ. රිදී අවුන්සයකට ඩොලර් 66 - 68 කට අලෙවි වේ.
ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිලෙහි තියුණු පහත වැටීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ රන් මිල ද පෙර සතිවලට සාපේක්ෂව අද රුපියල් 8,000 කින් අඩු වී ඇත.
ඒ අනුව, කැරට් 24 රන් පවුමක් රුපියල් 370,000 කට සහ කැරට් 22 රන් පවුමක් රුපියල් 340,400 කට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 46,250 කට සහ කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 42,550 කට අලෙවි වේ.