රට පුරා විදුලිය ඇණහිටීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. - ලංවිම යළි කියයි

CEB Ceylon Electricity Board Sinhala news
By Shehan Apr 14, 2025 05:34 AM GMT
Shehan

Shehan

Report

ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීමට සහය වන පිණිස වහල මත සූර්ය බලශක්ති පද්ධති තාවකාලිකව අක්‍රිය කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය යළි වරක්  ඉල්ලයි.

2025 අප්‍රේල් 13 සිට 21 දක්වා, සෑම දිනකම පස්වරු 3.00 දක්වා, වහල මත සූර්ය පැනල සවිකර ඇති පාරිභෝගිකයින්ගෙන් තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස මණ්ඩලය ඉල්ලා සිටී.

මෙන්න ළඟ ළඟ එන අවුරුදු වාසි! - විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!

මෙන්න ළඟ ළඟ එන අවුරුදු වාසි! - විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!

අවුරුදු සමයේ විදුලි ඉල්ලුම ඉතා අඩු මට්ටමක පවතින බැවින්, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් එන ඉහළ විචල්‍යතාවය ජාතික පද්ධතියට අසාමාන්‍ය බලපෑමක් ඇති කරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, පද්ධතියේ ස්ථායිතාව බිඳවැටී ඇති අතර, එය සුළු උච්චාවචනයකදී පවා බිඳවැටීම් හෝ රටපුරා විදුලි විසන්ධිවීම් ඇති කළ හැකි අවදානමකට ලක්ව තිබේ.

අපි දිනන සභාවලට ඇස් පියාගෙන මුදල් අනුමත කරනවා.. පරදින සභාවලට සොරි තමා..- ජනපති

අපි දිනන සභාවලට ඇස් පියාගෙන මුදල් අනුමත කරනවා.. පරදින සභාවලට සොරි තමා..- ජනපති

එබැවින්, මෙම තීරණාත්මක කාලපරිච්ඡේදයේදී ජාතික විදුලි ජාලයේ ස්ථාවරත්වය හා විශ්වාසනීයත්වය රැකගැනීමට වහල මත සූර්ය පැනල හිමියන්ගේ සහය ලංකා විදුලිබල මණ්ඩලය ගෞරවයෙන් බලාපොරොත්තු වේ.

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්

ReeCha