විදුලි බිල අඩු කරපු නිසා විදුලි බල මණ්ඩලයට බිලියන 13.6ක් පාඩුයිලු
මෙම වසරේ ජූනි ගිණුම් වාර්තා අනුව ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 13.16 ක මූල්‍ය අලාභයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විදුලිබල මණ්ඩලය ලබා දුන් තොරතුරු මත මෙම පාඩුව සිදුව ඇත්තේ විදුලි බිල අඩු මිලකට පාරිභෝගිකයන්ට ලබා දීම නිසා බව දැක්වේ.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව
එමෙන්ම අඳාළ වාර්තාවට අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු කිසිදු ආයතනයකට විදුලිබල මණ්ඩලය කිසිදු ණයක් ගෙවිය යුතු නැති බව ද සඳහන්.
තවද 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුවට විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 1,800 ඉක්මවූ පාඩුවක් වාර්තා කර තිබුණා.
ඒ අනුව 2024 මාර්තු කාර්තුවේදී වාර්තා කළ රුපියල් කෝටි 8,400කට වැඩි ලාභයට සාපේක්ෂව, මෙය ලාභදායිත්වයේ සියයට 121.8ක පහත වැටීමක් බව පෙන්නුම් කර ඇත.