ඇමති යකා නැටූ බන්ධනාගාරයේ CCTV දර්ශන..වෙන්න යනදේ මෙන්න.

Police Gotabaya Rajapakshe Anradapura Logan rathwaththe
By Aruna Sep 16, 2021 01:25 AM GMT
Aruna

Aruna

Report

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශණ මකා දැමීම සදහා විශාල උත්සාහයක් දරමින් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියයි.

එහි සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

ඇමතිවරයෙක් බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි සිරකරුවන්ට පීඩා කරද්දී බන්ධනාගාර නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවත් ඇමතිවරයාගේ හැසිරීමට ඔවුන් විශාල ඉඩකඩක් දී ඇති බවත් ඔහු පැවසීය.

සිදුවීම ගැන පරීක්‍ෂණයක් සිදු කිරීම සදහා ස්වාධීන අපක්‍ෂපාති මණ්ඩලයක් පත් කල යුතු බවත් ගිනි අවියක් රැගෙන බන්ධනාගාරය තුලට යාම හේතුවෙන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුභසාධන අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයේ දී ඇතිකරගත් සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින එල් ටී ටී ඊ සැකකරුවන් පිරිසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ ඔස්සේ ඔවුන් ‍ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතින් තමන් මුහුණ පා ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා හදිසි හමුවක් ඉල්ලා ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ හෙට දහවල් කාලයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා එම එල්.ටී.ටී.ඊ රැඳවියන් හමුවීමට නියමිත බවයි.

පසුගිය දිනක අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි රඳවා සිටී එල්.ටී.ටී.ඊ සැකකරුවන් දෙදෙනකු තමන් ඉදිරියට කැඳවා ඔවුන් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කළ බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ට්විටර් පණිවුඩයක් ඔස්සේ දන්වා තිබුණා.

මේ සමග මතුවූ දේශපාලන අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකව මැදිහත් වීමට සිදු වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය ලොහාන් රත්වත්තේ අමතා වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන්නා.

ඒ අනුව අමාත්‍ය ලොහාන් රත්වත්තේ තමන් දරන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුබසාධන අමාත්‍යධූරයෙන් පමණක් ඉල්ලා අස් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම ඉල්ලා අස්වීම භාර ගෙන තිබුණා.

මේ අතර කළුතර බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් විසිකළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භකර තිබේ.

ඵම පුද්ගලයා පාර්සලය බන්ධනාගාරයේ D අංශය තුළට විසිකරන ආකාරය බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතියේ සටහන් වී ඇත.

එය නිරීක්ෂණයවිමත් සමඟම ක්ෂේත්‍ර සේවා හා අවි අංශයේ නිලධාරීන් එම තහනමි ද්‍රව්‍ය ඇතුළත් පාර්සලය සොයාගෙන තිබේ.

එම පාර්සලය තුළ තිබී හෙරොයින් පැකටි 68ක්, මත් කරල් 13ක්, දුම්කොළ 10ක්, ජංගම දුරකථන 03ක්, සහ ජංගම දුරකථන චාජර් 02ක් හමු වී ඇත.

එම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha