දිවයින පුරා විදුලිය බිදවැටීමට හේතුව හෙළිවෙයි..කිසිවෙකු නොසිතූ දෙයක් වෙයි..

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Sri Lanka Electricity Prices
By Aruna Dec 10, 2023 05:34 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව, කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයට වැදුණු අකුණක් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේ මුලු දිවයිනටම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

මෙලෙස ඊයේ විදුලිය බිඳ වැටීම නිසා රට පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත් වු බවයි දිවයින පුරා සිටින අප වාර්තාකරුවන් පැවසුවේ.

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..

රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව හෙළි කරමින් ජනක රත්නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..


ReeCha