මෙච්චර කාලයක් සඟවා ගෙන සිටි රහස් ටික එළියට දායි.?? - Passport ගැටලුවට ඇත්ත හේතු හෙළි කරයි.(සම්පූර්ණ නිවේදනය සහිතයි)
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමඟින් ඔවුන් පෙන්වා දෙන්නේ,වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවයට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවූ බවයි..
ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.
එමෙන්ම සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදුන් කාර්යභාරයක නියැලී සිටින විෂයභාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුවද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුවට කරුණක් බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පේනවා දෙනවා.
මේ අතර පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් ඉහළ කිහිපදෙනෙකුගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තීය සමිතියක් ලෙස තමන් පිළිනොගන්නා බව ද අදාළ නිවේදනය මඟින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
ඒ, අනුව මහජනතාව අසීරුතාවයට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්.
ඒ සඳහා අදාළ ආයතනවලට බලකිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ අතර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිශ්චිතව අවසන් කිරීමට නොපමාව ක්‍රියාකළ යුතු බවට දෙපාර්තමේන්තු බලධාරීන් වෙත අවධාරණය කරන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,