අධිකරණයක නඩු භාණ්ඩ අතුරුදන් වෙලා..

Jaffna Sri Lanka
By krishani Sep 13, 2023 06:08 PM GMT
krishani

krishani

Report

යාපනයේ මල්ලාකම් අධිකරණයේ නඩුබඩු ගබඩාවේ තිබූ කිලෝ ග්‍රැම් පනහක කේරළ ගංජා අඩංගු මලු හතරක් අතුරුදන් වී තිබෙනවා.

ඒ බව 12 වන දා යාපනය තෙලිප්පලෙයි පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම පැමිණිල්ල මල්ලාකම් අධිකරණයේ නඩුබඩු බාරව කටයුතු කරණ නිලධාරියා විසින් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ දී මෙම කේරළ ගංජා තොගය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ නඩුව මල්ලාකම් අධිකරණයේ තවමත් විභාගවෙමින් පවතින බවත් ය.

මේ කේරළ ගංජා කිලෝ 50 ප්‍රමාණය නඩුවේ ප්‍රධාන හා එකම සාක්කිය වී තිබෙනවා.

ඒ බව අධිකරණ නිලධාරියා විසින් පොලීසියට සඳහන් කර ඇත.

මල්ලාකම් අධිකරණ සංකීර්ණය වෙත යාපනය තෙලිප්පලෙයි පොලීසියේ නිලධාරීන් පිරිසක් ගොස් නඩු බඩු කාමරය පරීක්ෂා කර තිබෙනවා.

එමෙන්ම එහි සේවය කරන නිලධාරීන් කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ද ලබා ගෙන ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha