ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා
රට පුරා ඇති ප්‍රසිද්ධ පන්සල්, දේවාල සහ කෝවිල් වෙත ගොස් හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් සහ රජයේ උසස් නිලධාරීන් රැසක් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇති බවට තොරතුරු ලැබෙයි.
මෙසේ කරන වැඩි දෙනෙක් අයථා ආකාරයට වත්කම් ඉපයීම පිළිබඳව චෝදනා ලබා ඇති පිරිස් බව පවසයි.
ඒ අනුව හිටපු දේශපාලඥයන් 20කට අධික පිරිසක් ඉකුත් දිනවල දී කතරගම දේවාලයට ගොස් පුද පූජා පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වේ.
එමෙන්ම ඉකුත් දිනක චෝදනා එල්ල වී තිබෙන රජයේ උසස් නිලධාරියෙක් ද විශේෂ ආරක්ෂාවක් සහිතව ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගෙන ඇති බව සඳහන්.
ඒ අතරවාරයේ ආරංචි වූයේ ඉන්දියාවට ගොස් සිටින හිටපු දේශපාලඥයෙක් ද මේ වන විට ඉන්දියාවේ පිහිටි ප්‍රසිද්ධ කෝවිලකදී විශාල පූජාවක් පවත්වා ඇති බවයි.