ඉතිහාසයේ පළවෙනි වතාවට, තරු පෙන්නපු කැරට් - කීයද කියලා දන්නව ද?.
ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) රුපියල් 1000-1100 අතර මිලකට අලෙවි වී තිබෙනවා.
ඒ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ය.
ඒ බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ ය.
නුවරඑළිය ප්‍රදේශයේ ගොවින්ගෙන් ඊයේ දින කැරට් කිලෝවක් රු. 900ක් වැනි තොග මිලට ලබා ගෙන ඇත.
මීට සති දෙකකට ප්‍රථම කැරට් කිලෝවක් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල රු. 350 - 400 අතර මිලකට අලෙවි විය.
බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රු. 750-800 අතර තොග මිලකට අලෙවි වේ.
එමෙන්ම ලික්ස් , බීට්රූට් , ගෝවා කිලෝවක් රුපියල් 450-500 අතර තොග මිලකට අලෙවි වේ.
තවද අමු මිරිස් කිලෝවක් රු .1600 ක මිලකට ද, රාබු කිලෝවක් රු. 350 වැනි මිලයකට අලෙවි කරන බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, නුවරඑලිය ප්‍රදේශයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගා විනාශ වි අස්වැන්න අඩු වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ එලවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බව වෙළෙදුන් පවසයි.
Sponsored By Sarrita Jewellery
