කෝටි එකහමාරකට අධික කේරළ ගංජා සමග පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට
මීගමුව සුරාබදු නිලධාරීන්ගේ විශේෂ මෙහෙයුමකින් රුපියල් කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් “කේරළ ගංජා” තොගයක් අත්අඩංගුවට මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයේදී අද (21) දහවල් කුඩා ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 85ක තොගයක් සහ එහි රියදුරුවරයා සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට ගෙන ආ මෙම මත්ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශය බලා ප්‍රවාහනය කරමින් සිටියදී ලැබුණු බුද්ධි තොරතුරු මත මෙම මෙහෙයුම සිදු කෙරිණි.
කිලෝග්‍රෑම් 85ක බරැති මෙම ගංජා තොගය පැකට් 40කට බෙදා අසුරා, ඒවා තවදුරටත් ගෝනි දෙකක තබා තිබූ බව සුරාබදු නිලධාරීන් සඳහන් කළහ.
මෙම තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි හැත්තෑ ලක්ෂයකට (Rs. 170 මිලියනට) ආසන්න බව ඇස්තමේන්තු කර තිබේ. අත්අඩංගුවට ගත් ලොරි රථය තුළ රියදුරුවරයා පමණක් සිටි අතර, ඔහු 30 හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහ රියදුරුවරයා අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙය මෑතකදී මීගමුව වෙරළ තීරය හරහා ඉන්දියාවෙන් ගෙන එන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව සුරාබදු නිලධාරීන් සිදු කළ විශේෂ මෙහෙයුම් මාලාවක කොටසකි.