මුළු දිවයිනටම රාත්‍රි 11 තෙක් වලංගු නිවේදනයක්
By Mithu
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනය අද (21) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර, එය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව සඳහන් කර තිබේ.
ඒ අනුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල සවස 1.00ට පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් වේ.
මෙම වැසි සමඟ තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.