මෙරට පිළිකා රෝගීන්ට රජයෙන් සුබ ආරංචියක්.

Cancer Parliament of Sri Lanka Nalinda Jayatissa
By Wayomi Jan 21, 2025 11:27 AM GMT
Wayomi

Wayomi

Report

පිළිකා රෝගී ප්‍රතිකාර ක්‍රමය වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2013 වසරේදී ඩොලර් මිලියන 29ක ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් එය සැලකියයුතු මට්ටමකට එය ප්‍රමාද වූ බවත්, සෞඛය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම යාපනය, මඩකලපුව, ගාල්ල, නුවර සහ අපේක්ෂා රෝහලට මෙම ව්‍යපෘතියට අදාළ යන්ත්‍ර ලබා දුන් බවත්, ඒවා ලබාදීමේදී සිදු වූ ප්‍රමාදවීම් නිසා මේ සම්බන්ධ ප්‍රතිකාර තාක්ෂණය වේගයෙන් දියුණු වූ බවත්, අමාත්‍යවරයා කියා සිටියා.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

ඔහු එහිදී පෙන්වා දුන්නේ වත්මන් රජයෙන් මෙය කඩිනම් කිරීමට කටයුතු කළ අතර, ඒ අනුව හම්බන්තොට, රත්නපුරය, අනුරාධපුරය, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල මෙය ක්‍රියාත්මකවන බවයි.

ඒ අනුව, මාස 08ක කාලයක් ඇතුළත එම ව්‍යපෘතියට අදාළ සියලු යන්ත්‍ර ආදේශ කර මෙම ප්‍රතිකාර ක්‍රමය සැමටම ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

''සිදුවූ ප්‍රමාදය නිසා අනුරාධපුරයේ සහ බදුල්ලේ රෝගීන්ට මාස කිහිපයක් මෙම දුෂ්කරතාවයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මැෂින් එක ඉවත් කරනකොටම ආදේශ කරන්න පුළුවන් වුනානම් ඒ රෝගීන්ට දුෂ්කරතාවයට මුහුණ දෙන්න වෙන්නේ නෑ. නමුත් එය අවම කර ගනිමින්, දැනට පහසුකම් තියෙන අපේක්ෂා රෝහලට රෝගීන් යොමු කරමින් මේ ඉතිරි වැඩකටයුතු ක්‍රියාත්ක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එකට අදාළ ගිවිසුම ඊයේ අත්සන් කළා.''

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්. - මාලිමා රජයෙන් ජනතාවට සහන රැසක්. - (VIDEO)

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්. - මාලිමා රජයෙන් ජනතාවට සහන රැසක්. - (VIDEO)


You may like this video

 

ReeCha