කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක්!

By Dilasha Mar 24, 2025 08:25 AM GMT
Report

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට එරට අග්‍රාමාත්‍ය මාර්කා කානි මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ධූරයට පත්ව සති 2ට නොඅඩු කාලයකදී පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් පැවැත්වීම මෙහි විශේෂත්වයකි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අප්‍රේල් 28 වනදා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම් වලට මුහුණ දීමට ශක්තිමත් පාර්ලිමේන්තුවත් ගොඩනැගීම මෙහි අරමුණ වූ බව ඔහු සඳහන් කරයි.

මේ අනුව සභිකයන් 343 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් මෙසේ මැතිවරණයක් පැවැත්වීමටත් ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමි වන බවත් ඔහු සඳහන් කළේය. 


දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතනවලට අද වෙනදේ මෙන්න!

දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතනවලට අද වෙනදේ මෙන්න!