දිවයිනේ සියලුම ආහාර පරිහරණ ආයතනවලට අද වෙනදේ මෙන්න!
By Shehan
එළඹෙන උත්සව සමය සඳහා දිවයින පුරා ඇති සියලු ආහාර පරිහරණ ආයතන අද සිට පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කෙරෙන ආහාර මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
පසුගිය උත්සව සමයන්හිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ තීව්‍ර අවධානයට ලක්වූ නිෂ්පාදන සම්බන්ධයෙන් ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහිදී අදහස් ඉදිරිපත් කළේය.