කටුනායකින් නැවතුණ කැනඩා ගමන

katunayake sinhalanews srilankanews canadavisa fakevisa
By Gagana Dec 04, 2021 04:13 PM GMT
Gagana

Gagana

Report

කූඨ ලෙස සකස් කරන ලද ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ, කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (4දා) අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 36 හැවිරිදි වියේ පසුවන යාපනය නගරයේ පදිංචි තරුණයෙකි. ඔහු අද අලුයම 02.55 ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයට ගොඩ වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.

එහිදී ගුවන්යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා එම කවුළුව වෙත පැමිණි ඔහු ,ඉදිරිපත් කළ කැනඩා ජාතික වීසා බලපත්‍රය ඇතුළු අනිකුත් ලියකියවිලි පිළිබඳව , එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන්ට ඇති වූ සැකය මත මේ පිළිබඳව විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

එහිදී එම නිලධාරීන් විසින් සිදුකළ තාක්ෂණික පරික්ෂා කිරීම් වල දී මෙම වීසා බලපත්‍රය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලේඛනයක් බව අනාවරණය කරගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now