ආරක්ෂාව ඉහළ නැංවීමට රථවාහන පොලිස් නිලධාරීන්ට කැමරා
රථවාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ පැළඳිය හැකි කැමරාවක් ලබාදීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත. මෙම තීරණයේ මූලික අරමුණ රථවාහන වැරදි අවම කිරීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහායක පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.
ඉදිරි සති කිහිපය තුළ සෑම රථවාහන පොලිස් නිලධාරියෙකුටම මෙම කැමරා ලබාදීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රියාමාර්ගය තුළින් අල්ලස් හා දූෂණය වැළැක්වීමත්, රියදුරන්ගෙන් රථවාහන නිලධාරීන්ට සිදුවන බලපෑම්වලින් ඔවුන්ගේ නිවරදිබව තහවුරු කිරීමත් අපේක්ෂා කෙරේ.