අද දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ විෂය පථයන් මෙන්න..

Report

තවත් අමාත්‍යවරුන් පිරිසකගේ දිවුරුම්දීම මේ වනවිට (20) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවනවා.

අමාත්‍යවරුන් 09 දෙනෙකු මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ද, වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා නව තනතුරට පත් වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය හිමි ව ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ලටයි.

අධිකරණ අමාත්‍ය ධුරය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂටත්, හරීන් ප්‍රනාන්දු හට සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරය සහ මනූෂ නානායක්කාරට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුර ද හිමිවුණා. ‍

රමේෂ් පතිරණ දිවුරුම් දී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි.

නලීන් රුවන්ජීව ප්‍රනාන්දු හට වෙළෙඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ධුරය හිමිවුණා.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා.

අදාල නාම ලේඛණය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery