අධ්‍යාපන ක්ෂේත්‍රයට සුබ ආරංචියක් - අධ්‍යාපන සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

Report

ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන ඇතුළු සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම වෘත්තීය කාණ්ඩ ආවරණය වන පරිදි ප්‍රමිතිකරණය, ලියාපදිංචිය, බලපත්‍රකරණය, තත්ත්ව සහතිකය සහ ප්‍රමිතනය සඳහා විශේෂ ආයතනික යාන්ත්‍රණයක් ලෙස "ශ්‍රී ලංකා අධ්‍යාපන සභාව" පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සී.ඩී. ජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලැබ තිබුණි.

රිමාන්ඩ් භාරයේ හිටපු ඇමති අකිලට ඇප

රිමාන්ඩ් භාරයේ හිටපු ඇමති අකිලට ඇප

එම කමිටුව විසින් ඉදිරිපත් කළ 2025 ඔක්තෝබර් 03 දිනැති වාර්තාව, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවන ලද අනුකාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව, එම වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසා සකස් කරන ලද සමාලෝචන වාර්තාව ද අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, දැනටමත් නෛතික බලතල සහිත ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ ඥාති සොහොයුරා ඝාතනයට ආධාර කළ කාන්තාවක ඇතුළු 5 ක් අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ ඥාති සොහොයුරා ඝාතනයට ආධාර කළ කාන්තාවක ඇතුළු 5 ක් අත්අඩංගුවට