නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් ඔබ අතට..(VIDEO)

Report

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෛද්‍ය සේවය සම්බන්දව ගත් විශේෂ තීරණය..

වෛද්‍ය සේවය සම්බන්දව ගත් විශේෂ තීරණය..

ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ඇත.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදය කරයි. 

බස් නැවතුම්පොළක සැකකටයුතු මරණයක්..

බස් නැවතුම්පොළක සැකකටයුතු මරණයක්..

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුර බලපත්‍රය ඉක්මනින් හඳුන්වා දීමට නියමිතය.


You may like this video