ගව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

Report

ගාල්ල ඕල්කට් මාවතේ දී කාලයක් තිස්සේ නීති විරෝධීව ක්‍රියාත්මක වූ ගව ඝාතකාගාරයක් වටලන ලද අතර, එහිදී එළ ගවයින් 03ක් සහ මී ගවයින් 04ක් ඝාතනය කරන ලද බවට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ප්‍රකාශ කළේය.

පොලිස් නිලධාරින් ඊයේ (24) අලුයම 3.00ට මෙම ස්ථානය වටලන අවස්ථාවේදී මී ගවයින් 04 දෙනාගේ ගෙල කදින් වෙන් කර කපා ඝාතනය කර ඇති අතර, එළ ගවයින් 03 දෙනාගේ ගෙල යටින් කපා රුධිරය ගලා යෑමට සකසා තිබූ බවද වාර්තා වී ඇත.

මෙම ගව ඝාතකාගාරය මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ පශු වෛද්‍ය අනුමැතියකින් තොරව, දිගු කාලයක් රහසිගතව ක්‍රියාත්මක වී තිබේ.

කාන්තාවන් ඇඳුම් මාරු කරන, නාන දර්ශන වීඩියෝ කරා මදිවට කප්පමුත් අරන් - සැකකරු රිමාන්ඩ්

කාන්තාවන් ඇඳුම් මාරු කරන, නාන දර්ශන වීඩියෝ කරා මදිවට කප්පමුත් අරන් - සැකකරු රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ගව මස් ප්‍රමාණය කිලෝ 2,100ක් වන අතර, මිනිස් පරිභෝජනයට නොසුදුසු බව පෙන්වා ඇත. වැඩිදුර විමර්ශනයේදී, මෙම පුද්ගලයින් දකුණු පළාතේ විවිධ ස්ථානවලට ගව මස් යැයි හඟවා මී මස් අළෙවි කර ඇති බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත්වන් අතර, ගව ඝාතකාගාරයේ හිමිකරු වන 33 හැවිරිදි ගාල්ල, ඕල්කට් මාවතේ පදිංචි ව්‍යාපාරිකයෙක් ඇතුළුව 06 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කර ඇත. සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් පවතී.

මොඩියුලේට අසභ්‍ය ලින්ක් එක ආවේ කුමන්ත්‍රණයකින්ද? රහස් පොලිසිය සොයයි

මොඩියුලේට අසභ්‍ය ලින්ක් එක ආවේ කුමන්ත්‍රණයකින්ද? රහස් පොලිසිය සොයයි