ෂාරුක් ඛාන් සමාජ මාධ්‍ය කළඹයි - හේතුව මෙන්න
බොලිවුඩ් ජනකාන්ත සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතන ක්‍රියාදාම සහ ත්‍රාසජනක චිත්‍රපටය වන 'King' චිත්‍රපටය පළමුවරට සිනමාහල්වල තිරගතවන දිනය නිල වශයෙන් නිවේදන කර ඇත. ඒ අනුව ෂාරුක් ඛාන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙය සිය රසිකයන්ට දැනුම් දී තිබෙනවා.
එබැවින් KING චිත්‍රපටය 2026 දෙසැම්බර් 24 වන දින නත්තලට නිකුත් කිරීමට නියමිතයි.
ඒ අනුව ප්‍රේක්ෂකයන්ට හරියටම තවත් මාස 11ක කාලයක් චිත්‍රපටය නැරඹීමට බලාසීටිමට සිදු වන බව සඳහන්.
ෂාරුක් ඛාන් සහ අධ්‍යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් විසින් කරන ලද මෙම නිවේදනය, පතාන් චිත්‍රපටයේ වසර 3 ක සංවත්සරයට පෙර දින පැමිණෙන අතර, එය ප්‍රේක්ෂකයන්ගේ උද්යෝගය වැඩි කිරීමට හේතු වී ඇත.
ඒ අනුව Red Chillies Entertainment සහ Marflix Pictures මඟින් නිෂ්පාදනය කරන ලද KING, 2026 දී වඩාත්ම බලා සිටි සිනමාපටය වශයෙන් සැලකෙයි.
එමෙන්ම මෙම සිනමා පටයේ දීපිකා පදුකෝන්, සුහානා ඛාන් සහ අභිෂේක් බච්චන් ද රංගනයෙන් දායක වෙයි.
චිත්‍රපටයේ නම සහ teaser වීඩියෝ පටය එළිදැක්වූයේ ඉකුත් වසරේ ෂාරුක් ගේ උපන්දිනය දා වන අතර 'King Khan'යන ඔහුගේ අන්වර්ථ නාමයටම ගැලපෙන පරිදි මෙම චිත්‍රපටයේ නම 'King' ලෙස නම් කර ඇත.
මෙම teaser වීඩියෝ පටය දැක්වෙන ආකාරයට එය ඔහුගේ පිට පිට බ්ලොක්බස්ටර් වාර්තා තැබු පතාන් සහ ජවාන් චිත්‍රපට මෙන් ක්‍රියාදාම චිත්‍රපටයක් වේ.
එමෙන්ම මෙම teaser වීඩියෝ පටයේ ෂාරුක් ඛාන් විසින් "Darr nahi, deshshat hoon". (I am not fear, I am terror, මම බිය නොවෙමි, මමයි භීතිය.” වශයෙන් පවසයි.
මෙම දෙබස ලෝව පුරා ෂාරුක්ගේ ප්‍රේක්ෂකයින් තව තවත් උද්යෝගමත් කර ඇත.